පාර්ලිමේන්තු ආරක්ෂක ගොඩනැගිලි වැඩිදියුණු කිරීමට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස පිවිසුමේ පිහිටි ජයන්තිපුර ආරක්ෂක ගොඩනැගිල්ල සහ එහි පිටුපස පිවිසුමේ පිහිටි පින්නියර ආරක්ෂක ගොඩනැගිල්ල පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සහ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය නව තාක්ෂණික පහසුකම් ද ඇතුළත්ව වැඩිදියුණු කර ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.