හෙට උදෑසන 7.30 තෙක් වලංගු වන ආකාරයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබද පුර්ව අනතුරු ඇඟවිමේ මධ්‍යස්ථානය විසිනුයි අද පස්වරු 2.30ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ
ඒ අනුව උතුර ,උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිමේ වැඩි හැකියාවක් පවති.
අකුණු මගින් සිදුවන අනතුරු මගහරවා ගැනිමට පියවර අනුගමනය කරන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.