උත්සව සමයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර බෙදා හැරීමට හා අලෙවි කිරීමට සූදානමක් ඇති බව සඳහන් කරමින් විෂයභාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දන්වා තිබේ.
ඒ අනුව ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා බලධාරීන්ගේ මැදි මැදිහත්වීම මත සෞඛ්යාරක්ෂිත ආහාරපාන සාධාරණ මිලකට ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයන ප්‍රධානීන්ට යොමුකර ඇති ලිපියේ දැක්වෙයි.
පාරිභෝජනයට නුසුදුසු ආහාර ලබාදී ජනතාවට පීඩාවට පත්කිරීමටත් ඒ තුළින් රජය අපහසුතාවට හා අපකීර්තියට පත්කිරීමටත් කටයුුතු කරමින් පවතින බව අමාත්‍යවරයා යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.