කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාමය අද (25) ආරම්භ වීමට නියමිතය.
අක්කර ලක්ෂයක් වන ලංකාවේ මුළු පුරන් කුඹුරු ප්‍රමාණයෙන් යල කන්නය වෙනුවෙන් අද දින ගොවිජන සේවා මධ්‍යස්ථාන 320ක පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දිම අරඹන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
මේ අනුව ජාතික උත්සවය දොම්පේ ෙගාවිජන සේවා බල ප්‍රදේශයේ පුහුරු ඔය ප්‍රදේශයේ අක්කර 140ක කුඹුරු යාය අස්වැද්දිම සිදු කරන බවද පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දිමෙන් කන්නයේ මෙට්‍රික් ටොන් 35,000ක් වි අස්වැන්නට එකතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.