දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම චින්තක නමැත්තාගේ හා සුරේන් නමැත්තාගේ සමීපතමයෙකු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී අත්අඩංගුවට ගැනුණි.
ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයෙහි නිලධාරීන් පිරිසක් විසින්.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 30 ක්, දුරකථන 02 ක්, ත්‍රී රෝද රථයක් සහ හෙරොයින් ජාවාරමෙන් ලද බවට සැක කෙරෙන රුපියල් 10,200 ක මුදලක් ද සොයා ගැනුණු බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ.
මේ අතර ගතවූ පැය 24 දී දිවයින පුරා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.