දුම්රිය දෙකක් එකිනෙකට ගැටීම හේතුවෙන් දුම්රිය මාර්ගයට සිදුවූ හානිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කළ බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
මේ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවත්, අනතුර හේතුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවත් ‘අද’ අප කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේය.
පනලිය ප්‍රදේශයේදී ඊයේ (06) සිදු වූ අනතුර නිසා දුම්රිය මාර්ගයට හානි සිදුව තිබුණි.