පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් පැවැත්වීම වළක්වාලමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා තිබේ.
මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට හෝ ඒ අවට ප්රදේශයේ මෙම විරෝධතාවය පැවත්වීමට අදාළ පක්ෂය විසින් කරුණු සුදානම් කර ඇති බවට වූ තොරතුරු හේතුවෙන් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඒ අනුව මෙම වාරණ නියෝගය ලබාදී තිබෙන බවට වාර්තා වෙයි.