පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගන්නා බව බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එමගින් තත්පරයට ඝන අඩි 450 ක් ජලය පිටව යන බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂක ඒ. හේවාගම මහතා පැවසීය.
මේ අනුව ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින අතර ජලය අඹන් ගඟට මුදා හැරෙන බවත් අඹන් දෙපස සිටින ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර පොළොන්නරුව ගල්ලෑල්ල මනම්පිටිය අතර ගංවතුර තත්වයක් උද්ගත වී ඇති බව දිස්ත්‍රික් ලේකම් එස් පණ්ඩුකාභය වර්ධන මහතා සඳහන් කළේය.
එහි ජල මාපාංකය 3.8 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල් ලෑල්ල මනම්පිටිය අතර ස්ථාන කිහිපයක් මාර්ගය ජලයෙන් වීමටද ඉඩ ඇති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.