පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ කටයුතු නවතා ඇත්තේ තාවකාලිකව බවත් පොලොන්නරුවේ මහා සංඝරත්නය හා ගොවි සංවිධාන සමග සාකච්ඡා කර මෙය ඉදිරියට ගෙනි යන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
හිරු ටීවී නාළිකාවේ හාඩ් ටෝක් වැඩසටනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එහිදී ඔහුට යොමුකළ ප්‍රශ්ණ හා ලබාදුන් පිළිතුරු කිහිපයක්.
Q පරාක්‍රම සමුද්‍ර යේ ඇවිදින මංතීරුවේ වැඩේ නැවතුනා නේද?
A නෑ මෙහෙමයි. ඒක තාවකාලිකව නවත්තලා තියෙනවා. සාකච්ඡා කරලා මේ කටයුත්ත ඉදිරියට ගෙන යන්න. අවාසනාවටකට සමහරු, දේශපාලන අවශ්‍යතාවකට මොකද එක පැත්තකින් හිතනවා ඇති රොෂාන් රණසිංහ යමක් කරන කොට හිටපු කාට හරි රිදෙන්න පුළුවන්. රොෂාන් රණසිංහ පොලොන්නරුවට වැඩ කිරීමක අවශ්‍ය නෑ. මේ කරපු හරිය ඇති කියලා.
Q ඔබ ඔය නොකියා කියන්නේ මේක කඩාකප්පල් කිරීම පසුපස හිටියේ හිටපු ජනපති කියලද?
A එතුමා අනුබල දුන්නද නැත්ද කියන එක මම දන්නේ නෑ. මොකද එතුමට මම දුරකතනයෙන් කථා කළා. එතුමා මට කිව්වේ රොෂාන් ඇමතිතුමා මේක හොඳ වැඩක්, ඔබ තුමා සද්භාවයෙන් කරපු දෙයක් හැබැයි මේ අය නොදැනුවත්කම නිසා වෙන්න ඇති විරුද්ධ වුණේ කියලා. හැබැයි මම දැක්කේ එතුමා මාධ්‍යයට කිව්වේ වෙන එකක්.
Q පොලොන්නරුවේ ඉන්න ගොවි ජනතාවට දැවෙන ප්රශ්නය ඔය ජොගින් ට්‍රැක් එකද?
A නෑ, නෑ. මම එහෙම කිව්වේ නෑ. මේක ජොගින් ට්‍රැක් එකක්ම කියලා ගන්න එපා. සවස් භාගයේ වේලල උඩට පොලොන්නරුවේ විශාල ජනතාවක් එනවනම් පරාක්‍රම සමුද්‍ර යේ ආශ්වාදය විදින්න.ඒ අයට විඩා නිවන්න, ඉදගෙන ඉන්න යම් සීමාවක් තියෙන එක හොඳද නරකද?
Q තවමත් පොලොන්නරුවේ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස හතකට අටකට වතුර නෑ. මේවට යන මුදල් ඒ අයගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න යොදන්න
A මම හිතුවා හිටපු ජනපතිතුමාගේ කාලයේදී වතුර ටික දේවි කියලා.