කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ඉකුත් පැය 24 ක කාලය තුලදි කොවිඩ් අසාදිත මරණ 12ක් වාර්තා වී ඇතැයි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා කියයි.
මෙම කොවිඩ් ආසාදිත මරණ 12න් 07ක්ම වාර්තා වි ඇත්තේ නිවෙස්වලදි වන අතර මිය යාමෙන් පසුව කරනු ලැබු පී.සී.ආර්. පරික්ෂණවලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී ඇත.
රෝහලේ කොවිඩ් වාට්ටුවල ප්‍රථිකාර ලබමින් සිටි 05 දෙනෙකු මියගොස් ඇත. මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 08 දෙනකු සහ කාන්තාවන් 04 දෙනකු සිටින බවද රෝහල් අධ්යක්ෂවරයා පවසයි.
මේ අතර ඉකුත් පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිත රෝගින් 48 දෙනෙකු කරාපිටිය රෝහලින් වාර්තා වි ඇත. මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හා රෝහල මගින් පාලනය වන අක්මිමන මැලිබන් රෝහලේ කොවිඩ් ආසාදිත රෝගින් 174 දෙනෙකු ප්‍රථිකාර ලබන බවද රෝහල් අධ්යක්ෂවරයා කියයි.
ඔක්සිජන් ආධාරක යටතේ කොවිඩ් ආසාදිත රෝගින් 53 දෙනෙකු ප්‍රථිකාර ලබති. අතරමැදි සෞඛ්‍ය මධ්‍යස්ථාන සදහා රෝගින් 22 නෙකු යොමුකොට ඇති බවද රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
රවීන්ද්‍ර ශ්‍රීලාල්, චන්දන සමරවික්‍රම