පනත අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සිවිල් සිසුන් බඳවා ගැනීම සිදු කළ නොහැකි බවත්, පසුගිය රජයන් ගත් අත්තනෝමතික තීන්දු නිසා මෙම අර්බුදය මතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (04දා) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශ්න විමසන අවස්ථාවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මේ අතර, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර මට්ටමින් ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත් කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කර සිටියාය.