සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට ගෙන ආ රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම රසායනික ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු වාර්ත විය.
අත්අඩංගුවට පත් හිටපු මන්ත්‍රීවරයාගේ සහෝදරයාද මෙම සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන අතර සම්පත් මනම්පේරි නම් එම පුද්ගලයාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වයද අත්හිටුවිමට කටයුතු කර තිබෙ