ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඊයේ (16) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමුවූ අතර අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් යෝජනා රැසක් ඔවුන් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී.
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් එහි ඉදිරි ගමන්මග සකස් විය යුතු ආකාරය සම්බන්ධව අධ්‍යාපන වෘත්තීය සංගම් අවධිමත් ව කටයුතු කිරීම සුබවාදී තත්ත්වයක් බවත් ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමය විසින් ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන සියලු යෝජනා අතිශයින්ම අගය කරන බවත් මෙහිදි සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ගුරු විදුහල්පති සේවාව වෙනත් සේවා සමබද්ධ නොවී අධ්‍යාපන පරිපාලන සේවාවේ වෙනම සේවයක් බවට පත් කරගැනීම තුළින් වැටුප් විෂමතා ඉවත් කරගැනීම, විද්‍යාපීඨ ගුරුවරුන් සදහා වසරක පුහුණු පාඨමාලාවකින් පසු උපාධිය ලබාදීම, චිත්‍ර නැටුම් සංගීත හා නාට්‍ය රංගකලාව විෂයයන් සදහා වෙන වෙනම විෂය අධ්යක්ෂවරුන් පත්කිරීම, විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ඇගයීම් රාජකාරි අදාළ විෂයයන් සදහා සුදුසුකම් සහිත පුද්ගලයන් පත්කිරිම වැනි කරුණු රැසක් ඔවුන් විසින් යෝජනා කර ඇති අතර ඇතැම් කරුණු මේ වනවිටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇති යෝජනා බව ද සංගමය සඳහන් කරයි.