නාරාහේන්පිට පෞද්ගලික රෝහල් පරිශ්‍රයෙන් හමු වූ අත් බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබූ බවත් එය සක්‍රීය මට්ටමේ තිබූ අත් බෝම්බයක් නොවන බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම අත්බෝම්බය රෝහල් පරිශ්‍රයට ගෙනවිත් දමා ඇත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය හා නාරාහේන්පිට පොලීසිය සීසීටීවී කැමරා දර්ශන ආශ්රයෙන් පුළුල් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.
නාරාහේන්පිට ලංකා රෝහල් පරිශ්‍රෙය් තිබී අද දහවල් මෙම අත්බෝම්බයක් සොයා ගෙන තිබුණි. එය පළමු මහලේ වැසිකිළියක් තුළ හොඳින් පෙනෙන අයුරිත් තබා තිබූ බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් රෝහලේ සේවය කරන පුද්ගලයකු, සිදුවීම ඇසින් දුටුවකු සහ තවත් අයකුගෙන් ප්‍රශ්න කළ බවද පොලීසිය පවසයි.