පෞද්ගලික රෝහල් මිල නියාමනය එළඹෙන සතියේදී සිදු කරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශල්‍යකර්ම, රසායනාගාර පරීක්ෂණ, දරු ප්‍රසූත ගාස්තු ඇතුලු විවිධ අයකිරීම් 53ක මිළ නියාමනය මේ යටතේ සිදු කිරීමට නියමිත වන බවයි.
පෞද්ගලික රෝහල් මිල නියාමනය කිරීමේ අවසන් ලේඛණය කඩිනමින් සකස් කරන ලෙසට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස්දී තිබු අතර ඒ අනුව එම අවසන් වාර්තාව ඉදිරි දෙදින තුල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අමාත්‍යවරයාට බාරදීමට නියමිතය. අනතුරැව එම මිල නියාමනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ඇත.