හෙට (08) සිට පුද්ගලික බස් ධාවනය කිරිමේ දි බස් හිමියන්ට ගැටළු රැසකට මුණදිමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
බස් රථ වාරිකය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් හිමිකරුවන්ට ගැටළු මතු වී ඇති බවත්බස් රථ 3000 ක පමණ බැටරි අඩපණ වී ඇතැයි ද පැවසු ගැමුණු විජේරත්න මහතා සේවකයින් ගම්වල සිට පැමිණීමට මැලිකමක් දක්වන බවද ඔහු පවසා සිටියේය.