තම පුතාව දේශපාලනයට ගෙන ඒමට කුමන්ත්‍රණය කරන බවට මේ දිනවල විවිධ සාවද්‍ය ප්රවෘත්ති පළවෙමින් පවතින බවත් තමන් යූ ටියුබ් නාළිකාවක් සමග කළ සාකච්ඡාවේදී එවැනි ප්‍රකාශයක් නොකළ බවත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තමා අදහස් කළේ යම් කිසි දිනක රටේ තරුණ පිරිස් රට ගොඩනැගීමට ඉදිරිපත් වුවහොත් ඔහුද ඊට දායකත්වය ලබාදෙනු ඇති බවත් එයට තමන් විරුද්ධත්වයක් නොමැති බවත් යැයි ඇය සඳහන් කරයි.
“මේ රටේ පොදු ජනතාවට අවංකව වැඩි කිරිමට ඉදිරිපත් වීමෙන් අප බොහෝ දේ අහිමි කරගෙන ඇත්තෙමු. මෑතකදී විවිධ සමාජ ගැටලු කිහිපයක් පිළිබඳව හඩ නැගීම නිසා මාගේ හොරගොල්ල නිවස පවා අභිරහස් ලෙස හොරු බිඳනු ලැබීය මාගේ පියා සැමියා පමණක් නොව මාගේ ඇසක් අහිමි කරගත් පරිදි මාගේ එකමු පුතාද අහිිමි කර ගැනීමේ අවශ්‍යතාවක් මට නොමැත” යැයි ඇය සිය නිවේදනයෙන් පවසයි.