වවුනියාව නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයේදී අවුරුදු 8ක් වයසැති බිලිඳා සඟවා විදෙස්ගතව සිටි සිය සැමියාගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලූ බිලිඳාගේ මව ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.
පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 0ක් වයසැති ටී.තමිලවන් නැමති දරුවා පසුගිය 06 වනදා සවස කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 35ක මුදලක් ඉල්ලා සිටින බවට දරුවාගේ මව විසින් පසුගිය 07 වනදා පුලියන්කුලම් පොලීසිය වෙතට දැනුම් දී තිබුණි.
අනතුරුව පුලියන්කුලම් පොලීසිය විසින් අදාළ කප්පම් මුදල් ඉල්ලූ බවට සැකකෙරුණු දුරකථන අංක ඔස්සේ සිදු කරන ලද පරික්ෂණ වලදී 07 වනදා සවස වනවිට පැහැර ගැණුනු දරුවා වවුනියා ඕමන්ත ප්‍රදේශයේ පාසල් මාර්ගයක පිහිටි නිවසක සඟවා සිටියදී සොයා එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු හා යතුරුපැදියක් අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ පැහැර ගැණුනු දරුවාගේ මව ප්‍රදේශයේ බැංකු කිහිපයකට හා මූල්‍ය ආයතන කිහිපයකට ණය වී ඇති හෙයින් අදාළ ණය මුදලින් බේරීමට විදෙස්ගතව සිටින සිය සැමියාගෙන් මුදල් ගැනීම සඳහා මෙම සැලසුම ක්‍රියාත්මක කොට ඇත බවටයි.
එහිදි මවගේ සහෝදරයෙකු සහ පියාගේ සහෝදරයෙකු මෙම සැලසුමට සහය ලබා දීම හේතුවෙන් ඔවුන් දෙදෙනාද දරුවාගේ මව සමග අත්අඩංගුවට පත් විණි.
පොලීසිය විසින් සිදුකරන ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ මව විසින් දරුවාගේ බාප්පාගේ නවසේ දරුවා රඳවා මව විදෙස්ගතව සිටින සැමියාට පවසා ඇත්තේ දරුවා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 35ක් ඉල්ලන බැවින් අදාළ මුදල ලබාගෙන මවගේ ණය මුදල් ගෙවීමේ සැලසුමකි. නමුත් පොලිස් පරික්ෂණ හේතුවෙන් ඔවුන්ගේ සැලසුම අසාර්ථක වී ඇති අතර අත්අඩංගුවට ගත් මව ඇතුළු තිදෙනො අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කනගරායන්කුලම් පොලීසියට භාර දීමට පුලියන්කුලම් පොලිස් නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.