පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අන්අඩංගුවට ගැනිමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කල පාර්ලිමේන්තු සම්ප්රදාය උල්ලංගනය කිරීමක් බව පක්ෂනායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සියළු නියෝජිතයන්ගේ මතය වූ බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මේ පිළිබදව පොලිස්පතිවරයා ඇතුළු අදාල නිළධාරීන් කථානායකවරයා වෙත කැඳවා දැනුවත් කිරීමට පියවර ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය විය. එම අත්අඩංගුවට ගැනීමේ දී සිදුව ඇති ක්‍රියාවලිය පිළිබදව පොලිස් කොමිසන් සභාවේ අවධානය යොමු කිරීමට ද පක්ෂ නායකරැස්වීමේ දී තීරණය කරන ලදී.
අද පැවැත් පක්ෂ නායක රැස්වීම සඳහා ගරු කථානායකවරයා , නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා, අමාත්‍යවරුන් වන:-අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන,මහින්ද අමරවීර,ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන: සජිත්ප්‍රේමදාස,ගයන්ත කරුණාතිලක,රවුෆ්හ කීම්,රවි කරුණානායක,අජීත් පී පෙරේරා, මනෝ ගනේෂන් ,නිරෝෂන් පෙරේරා යන මහත්වරු ද එක් වුහ.