හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනිම පිළිගත් ප්රජාතන්ත්ර හා නෛතික සම්ප්රදායනට පටහැනිව සිදුකර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු සම්ප්‍රදායන් මෙහිදි උල්ලංගණය කර ඇති බවත් කථානායකවරයා දැනුවත් කිරීමකින් තොරව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මෙම අත්අඩංගුවට ගැනීම අවසන් වූ නඩු කටයුත්තක් වෙනුවෙන් කර ඇති බවත් එසේ සිදු කිරීමට සාධාරණ හේතු කිසිවක් මේ වන විට ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත්ව ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පසුගිය ආණ්ඩු කාලය තුළ අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය ඇතුළු සියලු ආයතන දේශපාලනීකරණය මුදවා ගැනීමට කටයුතු කළ බවත් විනය ගරුක රටක් බිහිකිරීම ප්‍රතිඥා දී බලයට පැමිණි ආණ්ඩුවක් යටතේ සිදුවන මේ කටයුතු නීතිය, විනය හා සම්ප්‍රදායන් උල්ලංගණය වෙමින් පවතින බවත් එම නිවේදනයේ දැක්වෙයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලවත් විරෝධය හා කණස්සල්ල ප්‍රකාශ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.