ශ්‍රී ලංකාවේ පවතින නිරෝධායන පහසුකම් අනුව එක් දිනකට විදේශයන්හි සිට ගෙන්විය හැක්කේ 285ක් පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
“රට විරුවන් සම්බන්ධයෙන් කතා කරන්න නොයෙක් සංවිධාන කටයුතු කරනවා. රටේ ආර්ථීකයට විශාල වශයෙන් සහය වුණේ විදේශ ශ්‍රමික පිරිසයි. ඒ සියලු දෙනා ගෙන්වීමේ වගකීමක් රජයට තියෙනවා. ඒ වගකීම අපි පැහැර හැර නැහැ.
නමුත් දවසකට ගෙන්විය හැක්කේ 285 විතරයි. හේතුව නිරෝධායනයට ලක් කරනවා. රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන සොයා බලන්න ඕන. ඒ ජනතාවට හානියක් නොවන පරිදි ගෙන්වන්න අවශ්‍යයයි.
ඩොලර් බිලියන 7ක 9ක ආදායමක් ලබා දුන්න ආර්ථිකය ශක්තිමත් කරපු දේශපාලනයට ශක්තියක් වුණ කිසිවෙක් අමතක කරලා නැති බව මතක් කර සිටිනවා.
පසුගිය කාලයේ විදේශ ශිෂ්‍ය පිරිස මෙරටට ගෙන්වුවා. ඔවුන්ට හො`දින් සැළකුවා, ඔවුන්ගේ ආරක්ෂාව ගැන සොයා බලා කටයුතු කළා. මේ සියල්ල පිළිවෙලකට කරන්න ඕන නිසා තමයි නිසි ක්‍රමවේදයකට ගෙන්වීම සිදු කරන්නේ.
ජනාධිපතිතුමාන්, අගමැතිතුමන් විසින් විශේෂ සාකච්ඡුා කරමින් සිටිනවා. ඒ සාකච්ඡුා වලදී ඒ දෙදෙනාම එක මතයක සිට කටයුතු කළා. මේ වහාම ගෙන්වීමේ කටයුතු විධිමත් කරන්න.”