මරණ දඬුවම ලබා සිටි පොට්ට නවුෆර් හෙවත් මොහොමඩ් නවුෆර් කොවිඩ් ආසාදිතව මියගොස් තිබෙන බව බන්ධනාගාර මාධ්යප්රකාශක චන්දන ඒකනායක සඳහන් කර සිටියේය.
මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටියගේ ඝාතනය සම්බන්ධයන් වරදකරුවූ මොහොමඩ් නව්ෆර් හට අධිකරණය විසින් මරණ දඬුවම නියම කළ අතර ඔහු බුස්ස බන්ධනාගාරයේ සිය දඬුවම් විදිමින් සිටියේය.
වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ප්රතිකාර සඳහා රැගෙන එමෙන් පසු සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයේ දී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබු අතර පසුව ඔහුව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කරනු ලැබ තිබේ.