පූජිත්ට ඇප
අද දින කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.
පොලිස් මූලස්ථානයට ඇතුළු වන විදුලි සෝපානයකදී පොලිස් කොස්තාපල්වරයකුට හා කොස්තාපල්වරියකට බැණ බලහත්කාරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළේය.
ඡායාරූප - ශමිර රාජපක්ෂ



-
LAWRENCE PERERA USA Wednesday, 02 October 2019 04:04 AM
ඔබට ජය පතමි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
