කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන අරගලයට සහාය දක්වමින් වෘත්තීය සමිති 1000ක් අද දිනයේදී රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශය ආවරණය කරමින් එක්දින වැඩ වර්ජනයක් පවත්වයි.
මෙම වර්ජනයට සමගාමීව ඇතැම් වෘත්තීය සමිති පාගමනින් කොළඹ ගෝල්ෆෙස් පිටියේ ගෝඨාගෝගම පරිශ්‍රයට පැමිණෙමින් පවතී.
මේ අනුව ගාලුමුවදොර පිටිය මේ වන විට ක්‍රමයෙන් හිස් ගොඩක් බවට පත්වෙමින් පවතී. විවිධ වෘත්තීය සමිති මෙම අර්ගලයට එක්වුවත් ඔවුන් තම දේශපාලන පක්ෂ මෙම අරගලය වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කර නොමැතිවිම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.
ඒ ඒ පක්ෂවලට අනන්‍යවූ කොඩි හා පාට වෙනුවට සිංහ කොඩි රැගෙන ඔවුන් මෙම විරෝධතාවට එක්ව සිටීම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.