පාකිස්තාන් බීට්රූට් දඹුල්ලේ
පාකිස්තානයෙන් ආනයනය කරන ලද බිට් රූට් තොගයක් දින කිහිපයක සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉතා හොර රහසේ අලෙවි කළ බව වෙළෙන්දෝ පවසති.
නුවරඑළිය ප්‍රදේශයේ ගෙන්වා ශීත ගබඩාවල තබා අලෙවි කරන බව පවසමින් ඉතා සූක්ෂම ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳසැල් කිහිපයක මෙම පාකිස්තානයෙන් ගෙන්වන ලද බීට්රූට් අලෙවි කළ බව ඔවුහු පවසති.
දේශීය බිට්රූට් කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර ඉහළ මිලකට අලෙවි වීමත් සමඟ පාකිස්තානයෙන් ගෙන්වා තිබූ බීට්රූට් කිලෝව රුපියල් 220 ත් 280 ත් අතර මිලකට අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.
-
Rocky Saturday, 15 January 2022 12:23 AM
Komis ... Komis...!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
