පක්ෂ නායකත්වයෙන් තෙරව අගමැති අපේක්ෂකත්වය පිළි නොගන්නා බවත් නායකත්වය පිළිබඳ තීන්දුව ගැනිමේදී එය පාක්ෂිකයන්ගේ කැමැත්ත මත තීරණය කළ යුත්තක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
නව රජය ජනාධිපතිවරණ සමයේදී පැවැසූ ලෙසට එම්.සී.සි. ගවිසුම ඉරා විසිකර දමන්නේ නම් ඊට සිය පාර්ශ්වයේ උපරිම සහාය දෙන බවත් රටට හිතකරව ගන්නා තීන්දු වලදී රජයට සහාය දක්වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
අද (17දා) ඇතුල්කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පාක්ෂිකයන්ට ස්තූති කිරීම වෙනුවෙන් පැවැති රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“අපේක්ෂකත්වය පරක්කු වෙලා ලැබිලත් ඡන්ද ලක්ෂ 55ක් ලබාගන්න මට හැකිවුණා. පක්ෂ නායකත්වය ගැන තීන්දු තීරණ ගැනීම මගේ තනි තීරණයක් නෙමෙයි. එම තීන්දු තීරණ ගන්නා තැන්වල පාක්ෂිකයන්ගේ හඬට, ඉල්ලීමට තැනක් තිබෙනවානම් ඔවුන් ඒ තීරණ ගනියි.
මම කිසිම දවසක මමත්වය කේන්ද්‍ර කරගෙන කටයුතු කරන්නේ නෑ. පාක්ෂිකයන්ගේ අදහස්වලට සවන් දෙන්න මම සූදානම්. ඔබලා ඉදිරියට යන්න කියනවානම් ඉදිරියට යන්නත්, විශ්‍රාම ගන්න කියනවානම් නවතින්නත් මම සූදානම්.
තනි මතයට හිතුවක්කාරකමට වැඩ කරන්න මම සූදානම් නෑ. තනතුරු ලැබීම නොලැබීම තීරණය වෙන්නේ ඔබතුහමන්ලාගේ තීරණය මතයි.
මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය ලබාදීම ගැන අහන්න අහන්න ලැබුණා. මම ජනපතිවරණයට ඉදිරිපත්වෙන්නේ පක්ෂ නායකත්වය පවා නැතිව.
පක්ෂ නායකතවයකින් තොරව අගමැති අපේක්ෂකයා වීමට මට කිසිම බලාපොරොත්තුවක් නෑ”