නෝවුඩ් අස්වැසුම හොරකම ගැන අමාත්යාංශයෙන් විමර්ශනයක්
නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචා සහගත ලෙස ලබා ගත් බවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වු එම කාර්යාලයේ සේවකයින් 14 දෙනා සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන ලෙසට රාජ්ය පරිපාලන අමාත්යාංශය වෙත ලිඛිතව දැනුම් දුන් බව නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.
එම කාර්යාලයේ අස්වැසුම අංශය භාරව සිටි නිළධාරින් දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, එම නිළධාරින් දෙදෙනා විසින් මුදල් බැර කර තිබූ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දිස්ත්රික් තරුණ සේවා නිළධාරියෙකු සහ හැටන් කලාපයේ ගුරුවරු 6 දෙනෙකුගේ වැඩ විමර්ෂණයකට යටත්ව තහනම් කර ඇත.
නෝර්වුඩ් ප්රාදේශිය ලේකම් කාර්යාලයේ සිදු කර ඇති අස්වැසුම මුදල් වංචාව සම්බන්ධයෙන් විගණන අංශ විසින් විමර්ෂණ කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවේ එම කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිළධාරින්, සමෘද්ධි නිළධාරින් ඇතුලු තවත් අංශ කිහිපයක සේවකයින් 14 දෙනෙකු 2023 වසරේ සිට අස්වැසුම මුදල් වංචා සහගත ලෙස ලබා ගත් බවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ප්රාදේශිය ලේකම්වරයා වෙත පැවසීමෙන් අනතුරුව ප්රාදේශීය ලේකම්වරයා විසින් ඒ පිලිබදව නුවරඑළිය දිස්ත්රික් ලේකම්වරිය වෙත ලිඛිතව දැනුම්දීමෙන් පසුව දිස්ත්රික් ලේකම්වරිය විසින් ඒ පිලිබදව තවදුරටත් විමර්ෂණයක් සිදු කර ඉදිරි කටයුතු සිදු කරන ලෙස රාජ්ය පරිපාලන අමාත්යාංශය වෙත දැනුම් දී ඇත.
නෝර්වුඩ් ප්රාදේශිය ලේකම් කාර්යාලයේ සිදු වී ඇති අස්වැසුම මුදල් වංචාව රු.කෝටි 6කට ආසන්න නිසා එහි ඉදිරි විමර්ෂණ කටයුතු අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

