නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රයේ දැනට සිදුකෙරෙමින් පවතින අලුත්වැඩියා කටයුතු දින දහයකට අඩු කාලයකින් අවසන් කිරීමට හැකිවනු ඇතැයි එහි කළමනාකාරීත්වය බලාපොරොත්තු වේ.
විදුලිබල සංකීර්ණයේ කළමනාකාර නාලක විජේකෝන් මහතා පැවසුවේ, බොයිලේරුව ජුනි 18 වැනිදා සිට ඇනහිට ඇති බවත්, එය අලුත්වැඩියා කරමින් පවතින බවත්ය.
ඇස්තමේන්තු කර ඇති දින 100 කාල සීමාවට වෙනුවට දින 75 කින් අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට හැකි වෙනු ඇතැයි ඔහු සඳහන් කළේය.
2014 වසරේ සිට රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් විදුලිබල සංකීර්ණයේ II ජනන යන්ත්‍රය මගින් සපුරා ඇති බව ඔහු කීය.