නොමිලයේ වයිෆයි දෙන්න තව කාලයක් යනවා
නොමිලයේ වයිෆයි පහසුකම ලබාදීමට තව ටික කාලයක් ගතවන බව අග්‍රාමාත්‍යරයා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ සිංහ සමාජ මෙන්ම ලියෝ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අතර පැවැති හමුවකදී ඔහුට යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
පසුගිය ජනපතිවරණ සමයේදී පොරොන්දු වුණා මුළු ලංකාවටම වයිෆයි නොමිලයේ දෙනවා කියලා. එය සාර්ථක කර ගැනීමට නොහැකිවී තිබෙනවා. ඒක සාර්ථක කර ගන්න පුළුවන්ද? කොච්චර කාලයක් යයිද?
ඒක ලබලා දෙන්න තව ටික කාලයක් යනවා. ඇත්ත වශයෙන්ම මේ බෝම්බ එහෙම තිබුණේ නැත්නම් යම්කිසි සහනයක් ලබාදෙන්න තිබුණා. පළමුවෙන්ම කරන්නේ උසස්පෙළ පාසාල්වලට ටැබ් ලබාදෙනවා. ඒක නිසා වයිෆයි දෙන්න වෙනවා. ඒකට තව ටික කාලයක් යනවා.
මේ ආණ්ඩුවට ලොකුම චෝදනාව මේ බැඳුම්කර සිද්ධිය. ඇයි මේ ගැන පරීක්ෂණයක් හරි තොරතුරක් ලබා නොදුන්නෙ?
මේ ගැන පාර්ලිමේන්තුවේදී විභාග කළා කිසිම චෝදනාවක් මට කෙරුවෙත් නෑ. ඊළඟට කොමිසමක් දැම්මා. මම කොමිෂමට ගිහින් සාක්ෂි දුන්නා. ඊට වඩා මොනවා කරන්නද?
කොමිෂමෙන් කියනවානම් ඔබතුමාට විරුද්ධව සාක්ෂි නෑ කියලා. පාර්ලිමේන්තුවේ කියනවානම් විරුද්ධව කරුණු නෑ කියලා තව මොනවද කරන්න තියෙන්නේ.
කොමිෂමෙන් කියලා තිබෙනවා බිලියන 11ක පාඩුවක් වෙලා කියලා. පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ බිලියන 12ක මුදලක් මහ බැංකුව තියාගෙන ඉන්නවා. මෙතන හානියක් නෑ. හානියක් වෙලා තිබෙනවානම් ඒ මුදල් ගන්න පුළුවන්.

popular news
-
Bandula. Monday, 21 October 2019 11:05 AM
අනේ පව්.. දැන් ලංකාවේ ජනතාවද මහා බැංකුව කොල්ල කාවේ, අනේ දන්නේ නැති නිසා අහන්නේ, මේවා කියලද මිනිසුන් රවට්ටලා චන්දෙ ඉල්ලන්නේ, ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද?
Reply : 4 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

