නේපාලයට බලපා හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට ජනතාවට බලවත් ශෝකය ප්රකාශ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා X පණිවිඩයක් නිකුත් කර තිබේ. සිය පණිවිඩයෙන් ජනපතිවරයා පවසන්නේ නේපාලය් ගලවා ගැනීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම් සඳ හා ශ්රී ලංකාවේ සහාය ලබාදීමට සුදානම් බවද ජනපතිවරයා පවසයි.
"නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදු වූ ඛේදජනක ජීවිත හානි ගැන දැන ගැනීමට ලැබීම ගැන මම අතිශයින් කණගාටු වෙමි. ශ්රී ලංකාව නේපාලයට ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට සූදානම්ව සිටී. මාස 10 කට පෙර මාරාන්තික සුළි කුණාටුවකින් තවමත් ගොඩ එන ජාතියක් ලෙස, අපි නේපාල ජනතාවගේ ශෝකය බෙදා ගනිමු. නේපාල ජනතාවට සිය ගැඹුරු ශෝකය ප්රකාශ කිරීමට ශ්රී ලංකාව මා සමඟ එක්වෙයි."