නේපාල පොලිසිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, නේපාලයට බලපා ක්ෂණික ගංවතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 547 දෙනෙකු මියගොස් ඇති බවත් තවත් 1,473 දෙනෙකු තුවාල ලබා ඇති බවත් තහවුරු වී තිබේ.
මෙම සංඛ්‍යාව නේපාලයේ ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය (NDRRMA) විසින් නිවේදනය කළ 538ක සංඛ්‍යාවට වඩා තරමක් වැඩි අගයකි.
මෙම ආපදා තත්ත්වය හමුවේ සහන හා මුදාගැනීමේ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 4,473 දෙනෙකු යොදවා ඇති බව ද එම බලකාය වැඩිදුරටත් සඳහන් කරයි.
