නේපාල ගංවතුරින් අනතුරට පත්වූ ලාංකිකයන් ගැන දැනගන්න අංකයක්
නේපාලය සහ ටිබෙට් දේශසීමා ආශ්රිත ප්‍රදේශවල ඇති වූ දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමටත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි පියවර ගෙන තිබේ.
එම ප්‍රදේශවල පදිංචිව සිටින හෝ සංචාරයේ නිරත ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ තොරතුරු අවශ්‍ය නම් හෝ කිසියම් සහායක් අවශ්‍ය වේ නම් අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
බලපෑමට ලක්වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවද සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් මහජන රාජ්‍යතාන්ත්‍රික අංශයේ අධ්යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා සම්බන්ධ කරගත හැකිය.
ජංගම දුරකථන / WhatsApp: 070 7887778
දුරකථන: 0112 473899
විද්‍යුත් තැපෑල: [email protected]
දැනට ලැබෙන ඇමතුම් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බැවින්, වඩාත් වේගවත් සහ නිවැරදි සන්නිවේදනයක් සඳහා හැකිතාක් WhatsApp ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස අමාත්‍යාංශය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

