මෙවර පළාත් පාලන මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය හා ලංකා කම්කරු කොංග්රසය එක්ව තරඟ කිරීමට නාම යෝජනා භාරදී ඇතැයි නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී, ලංකා කම්කරු කොංග්රසයේ මුදල් ලේකම් මරදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවැසීය.
ඒ අනුව නුවරඑළිය මහ නගර සභාව, හැටන්-දික්ඔය නගර සභාව, කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත, අඹගමුව යන ප්රාදේශීය සභාවන් සඳහා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ හා තලවකැලේ-ලිඳුල නගර සභාව, නුවරඑළිය, මස්කෙළිය, ආගරපතන, නෝර්වුඩ්, කොටගල යන ප්රාදේශීය සභාවන් සඳහා ලංකා කම්කරු කොංග්රසයේ කුකුළා ලකුණ යටතේ තරඟ කිරීමට පියවර ගෙන ඇති බවද රමේෂ්වරන් මහතා පැවැසීය.
මෙම පළාත් පාලන මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්රික්කයේ සියලුම පළාත් පාලන ආයතන ලංකා කම්කරු කොංග්රසය හා එක්සත් ජාතික පක්ෂය එක්ව තරග කොට ජය ගන්නා බවද රමේෂ්වරන් මහතා වැඩිදුරටත් පැවැසීය.