නුවරඑළිය දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා අයදුම් පත්ර 108 ක් අතරින් නාමයෝජනා 17 ක් ප්රතිකේෂප වී ඇති බව නුවරඑළිය දිස්ත්රික් තේරීම් භාර නිලධාරි නන්දන ගලබඩ මහතා පැවසීය.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 85 ක් හා ස්වාධීන කණ්ඩායම් 06 ක් ඇතුලත්ව නාම යෝජනා 91 ක් මැතිවරණ සඳහා පිලිගෙන ඇත.
නුවරඑළිය දිස්ත්රික්කයේ පලාත් පාලන අයතන 12 ක් සඳහා පළමු පත්ර යටතේ 1345 ක් හා දෙවන පත්ර යටතේ 1130 ක් ඇතුලත්ව අපේක්ෂකයින් 2475 ක් මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතය.