නුවරඑලිය කොට්ඨාශ පොලිස් අධිකාරි කාර්යාලය යටතේ පාලනය වන පොලිස් ස්ථාන රැසක මාස කිහිපයක් තිස්සේ දුරකථන බිල්පත් නොගෙවීම හේතුවෙන් ඇතැම් පොලිස් ස්ථානවල දුරකථන විසන්ධි කර ඇති අතර, තවත් පොලිස් ස්ථාන කිහිපයකම තාවකාලිකව එන ඇමතුම් පමණක් ලබා ගැනිමට නුවරඑලිය ටෙලිකොම් කාර්යාලය පියවර ගෙන ඇත.
තවද එම පොලිස් ස්ථාන වල පානීය ජලය ලබා ගැනිම වෙනුවෙන් අදාළ ආයතන වලට ගෙවිය යුතු ජල බිල්පත් සහ පොලිස් වාහන අලුත්වැඩියා කිරිම වෙනුවෙන් වු බිල්පත්ද මාස කිහිපයක් තිස්සේ නුවරඑලිය පොලිස් අධිකාරි කාර්යාලයේ ගිනුම් අංශය විසින් ගෙවීම් සිදු කර නොමැති වීම හමුවේ මෙම තත්වය උද්ගත වී ඇති බවයි එම පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිළධාරින් කියා සිටින්නේ.
පවත්නා තත්වය මත තමන්ගේ පුද්ගලක දුරකථනයෙන් රාජකාරි කටයුතු සදහා දුරකථන ඇමතුම් ලබා ගැනීමට සිදු වී ඇති බවත්, අලුත්වැඩියා කල පොලිසියේ වාහන සදහා ගෙවීමට ඇති හිග මුදල් මාස කිහිපයක් තිස්සේ නොගෙවීම හමුවේ වාහන අලුත්වැඩියා කරන ගරාජ් හිමියන් පොලිස් වාහන අලුත්වැඩියා කිරිම ප්රතික්ෂේප කරන බවයි පොලිස් නිළධාරින් කියා සිටියේ.