නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතියට ගිවිසුම් අත්සන් කරයි
නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතියට ගිවිසුම් අත්සන් කරයි
නුවරඑලියේ ඉදි කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (13 දින) සිදු විය.
නුවරඑලිය මහ නගරසභාව පරිශ්‍රයේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් ඒ සඳහා අත්සන් කිරීම සිදු කළේ ය.
නානුඹය සිට සිංගල් ට්‍රී කන්ද හරහා නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්‍යාපාතිය ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය මීට ඉහතදී ලැබුණි.
ඒ සඳහා වැය කිරීමට ඇස්තමේන්තු ගත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 50කි. නානුඹය දුම්රිය ස්ථානය, නුවර එළිය තුරඟ තරග පිටිය හා සිංගල් ට්‍රී කඳු මුදුණ යා කරමින් කුළුණු 21ක් මත ගොඩනැගීමට යෝජිත මෙම ව්‍යෘතිය හරහා එකවර මගීන් 10කට ගමන් කළ හැකි කුටි 88කින් සමන්විතය.
එහි පළමු අදියර යටතේ කුටි 43ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

popular news
-
Kumar Monday, 14 October 2019 10:19 PM
මේ විය්පෘතිය ඉටුකලොත් අවට සිරිය බලන්න පිටරැටියන් පැමිණෙනවා. මේක අර කොළඹ පොහොට්ටුවට වඩා සිය දහස් ගුණයක් වටිනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

