නුවරඑලිය නගර සභා සිමාවට ඊයේ (28දා) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වු බව නුවරඑලිය ප්රදේශවාසින් පැවසිය.
නුවරඑලිය ප්රදේශයට වසර 06 කට පමණ පසු විශාල අයිස් කැට සහිත වැස්සක් ඊයේ (28දා) පතිත වු බවත්,එම අයිස් වැස්ස විනාඩි 05 ක පමණ කාලයක් පැවති බවයි නුවරඑලිය ප්රදේශවාසින් කියා සිටින්නේ.
ඊයේ (28දා) පස්වරු 4 ට පමණ නුවරඑලිය ප්රදේශයේ අධික සිතල සමග වැසි වලාකුළුවලින් අදුරු වු බවත්, අයිස් වැස්ස පතිත විමෙන් අනතුරුව නුවරඑලිය ප්රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත වු බවයි නුවරඑලිය ප්රදේශවාසින් කියා සිටියේ.
මෙසේ අයිස් වැසි පතිත විමෙන් නුවරඑලිය ප්රදේශයේ එලවළු වගාවට මෙන්ම පරිසරයට යම් බලපැමක් එල්ල වන බවයි එලවළු ගොවින් කියා සිටින්නේ.


