නුගේගොඩටම කුඩු බෙදු කැකුළි අල්ලයි
නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ මහා පරිමාණයෙන් හෙරෝයින් ජාවාරමේ නියුතු " කැකුලී" නම් ජාවාරම් කාරිය අලෙවියට සන්තකයේ තබාගන යමින් සිටි රුපියල් තුන්ලක්ෂ පනස් දහසකට අධික වටිනා හෙරෝයින් මිලි ග්රෑම් 11000 ක් සමග දෙල්කඳ ප්රදේශයේදී නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
සැකකාරිය මාදිවල ,රාහුලපුර පදිංචිව සිටින වයස අවුරුදු (26) ක්ද වන අවිවාහක තැනැත්තියක් වේ .
ගල්කිස්ස බඩෝවිට සිට හෙරෝයින් තොගයක් සමග කාන්තාවක පැමිණෙන බවට කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පොලිස් සැරයන් 54478 වසන්ත මහතා වෙත ලද රහසිගත තොරතුරකට අනුව දෙල්කඳ ප්රදේශයේ රැකසිට සිදුකල වැටලීමේදී මෙම හෙරෝයින් තොගය ප්ලාස්ටික් බෝතලයක සූක්ෂ්ම ලෙස අසුරා තිබියදී පොලිස් භාරයට ගෙනඇත.
සිදුකල විමර්ශනයට අනුව සැකකාරිය ගල්කිස්ස බඩෝවිට ප්රධාන තොග ජාවාරම් කරුවන්ගෙන් ගන්නා හෙරෝයින් තම නිවසේ සිට පැකට්කර රත්මලාන, දෙහිවල, නුගේගොඩ, දෙල්කඳ,මිරිහාන යන ප්රදේශවලට දීර්ඝකාලීනව බෙදාහැර ඇති බවට අනාවරණය වී ඇතැයිද පොලීසිය පැවසීය.
දෙහිවල එච්.ඒම්. ධර්මපාල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

