සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ , ඒවා කල් ඉකුත් වූ පසුත් , නීතිවිරෝධී ලෙස කිරුලපන ප්‍රදේශයේ නිවෙසක රැදී සිටිමින් , අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත වී සිටි ඉන්දීය ජාතිකයන් 21 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 07/18 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශය යටතේ පවතින අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් තමන් සතු දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු , මේ බැව් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මෙම අත් අඩංගුවට ගැනීම විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කර තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් සියලුම දෙනා වයස අවුරුදු 22 ත් 36 ත් අතර පසුවන්නන් වූහ .
ඔවුන් කඩිනමින් ඉන්දියාව වෙත පිටුවහල් කිරීම සදහා වැළිසර පිහිටි රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබේ .
