නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (10) දින අම්පාර, නින්දවුර් ප්රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 06ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, ගිණිකොන නාවික විධානය සහ කල්මුණේ, සහකාර පොලිස් අධිකාරී කාර්යාලය එක්ව අම්පාර, නින්දවුර් ප්රදේශයේ සිදු කළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස විකිණීම සඳහා සූදානම් කර තිබූ මෙම වාලම්පුරි සොයා ගැනීමට සමත්ව ඇත.
එහිදී කිලෝග්රෑම් 6.120ක බරකින් යුත් ගෞරි වර්ගයේ වාලම්පුරි 05 සහ ග්රෑම් 625ක බරකින් යුත් ලක්ෂ්මි වර්ගයේ වාලම්පුරි එකක් (01) මෙලෙස සොයා ගෙන ඇත.
එම සැකකරුවන් වාලම්පුරි අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබියදි අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 43 සහ 52ක් වන එම ප්රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
එම සැකකරුවන් සහ වාලම්පුරි සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කල්මුණේ, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය විසින් සිදු කරනු ලබයි.
