නීතිවිරෝධි පුපුරන ද්‍රව්‍ය සොයා 20 වෙනිදායින් පසු අඛණ්ඩ මෙහෙයුම්
නීතිවිරෝධි අයුරින් පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින පුද්ගලයින් සොයා ලබන 20 දායින් පසු දිවයින පුරා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
බලපත්‍ර නොමැතිව පුපුරන ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින්නන්ට ඒවා යළි භාර දිමට ඉකුත් 12 දා සිට දින තුනක කාලයක් පොලීසිය ලබා දි තිබුණි.
නමුත් තවදුරටත් එම කාලය මෙම 20 දා අලුයම 6.00 තෙක් දිර්ඝ කිරිමට පොලීසිය පෙරේදා (15) පියවර ගනු ලැබිය.
ඉන්පසු දිවයින පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටින්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කරනු ඇත.

popular news
-
Champa Saturday, 18 May 2019 11:21 AM
ඔව් ඔව් වැටලීම් ටික දිගටම කරගෙන යන්න. පුපුරන ද්‍රව්‍ය විතරක් නෙමෙයි හැම එකම. කොහොමත් රට පුරාම වැටලීම් කරන්න ඕනේ. දැන් පේනවා නේද හම්බ වෙන දේවල්. පොලිසියත් අඳුරන්නේ නැති අලුත්ම පිහි. නාවුක හමුදාවටත් නැති දිය යටින් යන යාත්‍රා. ඇති නවීන දුර දක්නා. තව නොදැකපු දේවල් කොච්චර ඇත්ද? මේ සිංහල මුස්ලිම් ගැටුම් ඇති කලේ ඕවා හොයන එක නවත්තන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

