නීතිය හා සාමය ක්‍රියාත්මක නොකර ඉදිරියට යා නොහැකියි
නීතිය හා සාමය ක්‍රියාත්මක නොකර ප්රජාතන්ත්රවාදී සමාජයකට ඉදිරියට යා නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව පසුගියදා ඇතිවූ මහජන හඬට ඇහුම්කන් දෙනවා සේම සිදු වූ ප්රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය හා සාමය මගින් කටයුතු කිරීමට සිදු වන බව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දෙවන දිනටත් අද (10දා) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,
ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයකට පිවිසිය යුතු බව පැහැදිලි කර තිබෙනවා. එයට පිවිසෙන පළමු පියවර ලෙස 22වැනි සංශෝධනය අද උදේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් මේ බැඳියාවෙන් ප්‍රකාශිත කරැණු අනුව ගමන් කිරීමට පියවර ගනිමින් සිටිනවා. එයට විරැද්ධ පක්ෂයේ සහයෝගය ලබා දෙන ලෙසත්, ඊට කරැණු ඉදිරිපත් කර දෙන ලෙසත් යලිත් වරක් ප්‍රකාශ කරන ආරාධනා කරනවා. මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් සාකච්ඡා කරනු ලැබූ කාරක සභා ක්‍රමය ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්රකාශනය ජනාධිපතිතුමා සඳහන් කරනවා පමණක් නොව මේ වන විටත් ඒ පිළිබඳ සාකච්ඡා පාර්ලිමේන්තුවේ ස්ථාව නියෝග වෙනස් කිරීම සඳහා කතානායතුමාගේත් අවධානය යොමු කර ගනිමින් තිබෙනවා.
මේ රටේ දේශපාලන පක්ෂ වශයෙන් මේ අභියෝග හමුවේ විශාල කර්තව්‍යක් බවට ප්‍රකාශ වී තිබෙන්නේ ප්රජාතන්ත්රවාදී විදි ක්‍රම අනුව ගමන් කිරීමයි. රටේ නීතිය හා සාමය යලිත් ස්ථාපිත කිරීම සඳහා යන ගමනේ සමහර අයට එය පිළිගත නොහැකි අමාරැකමක් දැනෙයි. නමුත් නීතිය හා සාමය ක්‍රියාත්මක නොකර ප්රජාතන්ත්රවාදී සමාජයට ඉදිරියට ගමන් කරන්න බෑ. පසුගිය කාලයේ ඇතිවූ මහජන හඬට සවන් දීමේ කාර්යයට අපි යොමු විය යුතු අතර මහජන විනාශයක් ඇති කිරීමේ කෘර කම් අපේ නීතිය හා සාමය මගින් කටයුතු ක්‍රියාමාර්ග ලෙස අපිට පිළිගන්න සිදු වෙනවා. යනුවෙන් සඳහන් කළේය.
popular news
-
janahitha Thursday, 11 August 2022 09:16 AM
oya kathava horunta adala nathida ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

