වලව්වක් රුපියල් 30,000 ක මාසික කුලී මුදලකට ලබාගෙන එහි පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් අද (04දා) අලුයම වටලා නීති විරෝධී මත්පැන් , ගෝඩා, ගෑස් සිලින්ඩර , ලිප්, වතුර මෝටර් ඇතුළු උපකරණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි .
මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ කටුනායක ප්‍රදේශයේ පදිංචි 31 සහ 35 වියැති හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
ගනේමුල්ල ප්‍රදේශයේ වලව්ව වටලා බැරල් 15 ක බහා තිබූ ගෝඩා මිලිලීටර් ලක්ෂ 28 කට ආසන්න ප්‍රමාණයක් , ස්ප්‍රීතු බෝතල් 90 ක්, ගෑස් සිලින්ඩර 3 ක්, වතුර මෝටරයක් , ගෑස් ලිපක් සහ වට අඩි අටේ තඹ දගරයක් ඇතුළු උපකරණ සොයාගත් බව පොලිසිය කියයි.සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා ගනේමුල්ල පොලිසියට භාරදි තිබේ .
පානදුර සුමිත් පොතුපිටිය / බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ