නිවාස අඩස්සියට අදාළ නීති සකස් කිරීම කඩිනම් කරයි
බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමේ අරමුණින්, රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම හෝ බන්ධනාගාරගත කිරීම සඳහා විකල්පයක් ලෙස සුදුසු නඩු කටයුතුවලදී සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමට අවශ්‍ය නීතිමය විධිවිධාන හඳුන්වාදීම සඳහා සකස් කර ඇති පනත් කෙටුම්පත කඩිනමින් අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය, මීට පෙර අමාත්‍ය මණ්ඩලය ලබාදුන් ප්‍රතිපත්තිමය අනුමැතියට අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් ආරම්භ කර ඇති අතර, 2025 ජුනි 23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එය තවදුරටත් සමාලෝචනය කිරීමට අනුමැතිය ලබාදී තිබුණි.
එම සමාලෝචනයේදී පනත් කෙටුම්පතට තවදුරටත් ඇතුළත් කළ යුතු විධිවිධාන හඳුනාගෙන ඇති අතර, ඒවා ඇතුළත් කරමින් කෙටුම්පත කඩිනමින් සම්පූර්ණ කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
