හිරණ මාලමුල්ල ප්‍ර දේශයේ නිවසක නිදාගෙන සිටි පුද්ගලයෙකුට නිවසේ ජනේලයක් බිඳ නාඳුනන පුද්ගලයෙක් විසින් වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහට ඇතුළත් කර තිබේ.
අද අලුයම් කාලයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර අවුරුදු 32ක් වන පුද්ගලයෙක් මෙම වෙඩි තැබීමෙන් තුවා ලබා තිබේ.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අණාවරණය වි නොමැති අතර වෙඩි තැබීමට පිස්තෝල අවියක් භාවිත කර තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් පරීක්ෂණ පවත්වයි.