පැවති අධික වර්ෂාවත් සමඟ අද විසි තුන පස්වරුවේ ඇල්ල කුඹල්වෙල ආඬිගල ප්‍රජාශාලාව ආසන්නයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයකු රෝහල්ගත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය..
තාප්පයකට යට වී සිටි පුද්ගලයකු ප්‍රදේශවාසීන් විසින් මුදවාගෙන මෙසේ රෝහල් ගත කර තිබේ.
නිවසට ඉහළින් පිහිටි කණ්ඩියක් කැඩී මෙසේ නිවස මතට පස් කන්දක් කඩා වැටී ඇති අතර නිවසට දැඩි හානි සිදුවී ඇති බවද එම මධ්‍යස්ථානය පැවසීය.
එහි එහි පදිංචිකරුවන් ක්ෂණිකව ඉවත් කර වෙනත් ස්ථානයකට යොමු කර ඇති බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසීය.

