නිවන් සුව ප්‍රර්ථනා කිරීම ගැන නාමල්ගේ මතය
නිවන් සුව යන වචනය පිළිබඳව නොදැනුවත්ව එය උපහාසයට භාවිත කිරීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. හරි ටීවී යූටියුබ් නාළිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.
“සමාජය කියන්නේ ඒක. මීට අවුරුද්දකට කලින් අපි දැක්කේ නෑනේ පාරේ බෙල්ලකපලා මිනී මරණවා. අද අපි ඒක දකිනවා. මීට අවුරුද්දකට කලින් අපි දැක්කේ නෑනේ පංති කාමර වල සිසුවියන් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරනවා.
වෙනස දිහා අපි යථාර්තවාදිව බැලිය යුතුයි. සංවිධානාත්මක පිරිසක් ඉන්නවා. තමන්ට විරුද්ධවාදීන් ඉන්නවා. දේශපාලනයේ අපිට විරුද්ධ අය ඉන්නවා.
සංවිධානාත්මක නිවන් සුව ප්‍රාර්ථනා කළා. මට දුක ඒක නෙමෙයි බහුතරයක් සිංහල බෞද්ධයන් ඉන්න රටේ නිවන් සුව කියන එකේ තේරුමවත් දන්නේ නැතිව එය උපහාසයක් විදිහට භාවිත කිරීම ගැන කනගාටු වෙන්න ඕන.
නිවන් සුව ප්‍රාර්ථනා කරපු අය දන්නේ නෑ ඒ නිවන් සුව ප්‍රාර්ථනා කිරිමේ තියෙන බලාපොරොත්තුව කුමක්ද කියලා”

popular news
-
Kumar Friday, 20 January 2023 02:51 AM
Nivan Suwa pathanney paralowa sapath vuna ayata noweyda? mama asar aththey nivan suwa thaman pin raskara labaanaganna oney kiylayi. samahara rajaye mudal bedala nivan suwa labaaganna hadanawada.
Reply : 0 0
nimal Monday, 23 January 2023 09:03 AM
Ehenam Apayata pala.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

