නිල්වලා ලවණ බාධකයේ වගා හානි වන්දි ගෙවීම ලබන 27 දා අරඹයි
මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ගෙවීමේ පළමු අදියර එළඹෙන 27 වැනිදා ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එහි සභාපති පේමසිරි ජා සිංහ මහතා සඳහන් කළේ, ජනපති ප්‍රධානත්වයෙන් එදින පෙරවරු 9.30ට මාතර මාලිම්බඩ ප්‍රදේශයේදී වන්දි ගෙවීමේ පළමු අදියට ආරම්භ කරන බවයි.
අද (20) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුයාත කන්න 7කදී සිදු වූ වගා හානි සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් සිදු කිරීමෙන් අනතුරුව මෙම වන්දි ගෙවීම ක්‍රියාත්මක කරන බවයි.
වගා හානි සඳහා වන්දි මුදල් ගණනය කිරීමේදී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ පවතින ක්‍රමවේදයට අනුව පිරිවැය සහ වී මිල සැලකිල්ලට ගෙන ඇති බව ද සඳහන් කෙරිණි.
මෙම වන්දි ගෙවීම සඳහා 2026 අයවැය මඟින් රුපියල් මිලියන 1,200ක මුදලක් වෙන් කර ඇති අතර, සුදුසුකම් ලත් ගොවීන් 5,000කට අධික පිරිසකට වන්දි ලබාදීමට නියමිතය.
අදාළ කන්නයන් සඳහා අක්කරයකට ගෙවීමට නියමිත වන්දි මුදල් පහත පරිදි වේ.
2019 යල – රුපියල් 40,000
2019/20 මහ – රුපියල් 46,860
2020 යල – රුපියල් 40,000
2020/21 මහ – රුපියල් 42,150
2021 යල – රුපියල් 49,901
2021/22 මහ – රුපියල් 58,272
2022 යල – රුපියල් 64,102
මෙම වන්දි ගෙවීම් ක්‍රියාවලියෙන් බලපෑමට ලක් වූ ගොවිජනතාව අයත් ගොවි මණ්ඩල 05ක නිලධාරීන්, ගොවීන් සහ අදාළ ආයතන එක්ව විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ මෙම වන්දි මුදල් ගනණය කර එම වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සිදු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම ගොවීන්ගෙන් ලැබුණු අභියාචනා සළකා බැලීමෙන් අනතුරුව අවසන් සුදුසුකම් ලත් පිරිස තෝරාගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

