මහජන ගැටළු විසඳීමට රාජ්‍ය නිළධාරින්ගේ සහය නොලැබෙන බවත් රාජ්‍ය නිළධාරින්ගේ වැරදි නිසාවෙන් දේශපාලනඥයා බැණුම් අසන බවත් ගමේ ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීම සඳහාවන රැස්වීම් මාලාවක් ලබන මස 31වැනිදාට පෙර සංවිධානය කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අනෙකුත් රාජ්‍ය නිළධාරින්ද සහභාගී කර ගත යුතු බවද සමෟද්ධිය හා අනෙකුත් ව්‍යාපෘතිවලදී ආධාර ලබාදෙන පිරස් තෝරාගත් ආකාරය එම රැස්වීම්වලදීම රාජ්‍ය නිළධාරින් ප්‍රකාශ කළයුතු බවද අමාත්‍යවරයා පවසයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේදී ඊයේ (22දා) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහජන ගැටළු විසඳීමට රාජ්‍ය නිළධාරින්ගේ සහය නොලැබෙන බවයි. රාජ්‍ය නිළධාරින්ගේ වැරදි නිසාවෙන් දේශපාලනඥයා බැණුම් අසන බවද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.
ආණ්ඩුවෙන් කරන සමහර ව්‍යාපෘති ගැන මහජන නියෝජිතයෝ දන්නේ නැහැ. හැබැයි මිනිස්සු කෑ ගහන්නේ මහජන නියෝජිතයන්ට. ඒ නිසා කඩිනමින් කොට්ඨාස මට්ටමින් නිළධාරීන් එක්ක රැස්වීම් මාලාවක් කරන්න කියලා මම ගම්පහ සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම්වලදී උපදෙස් දුන්නා. ආහාර වැඩසටහන්, සමෟද්ධි වැඩසටහන්වලදී බඩු බෙදන්න නිළධාරීන් තෝරා ගත්තේ කොයි විදියටද කියල නිළධාරීන් ඒ රැස්වීම්වලදී කියන්න ඕන. ගම්පහ දිස්ත්‍රික්කයේම මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්න ඕන.
ඒ නිසා දිසාපතිතුමත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරීන් සමඟ මිනිස්සුන්ගේ ගැටළු සාකච්ඡා කරල ඒවට විසඳුම් දෙන්න කටයුතු කරන්න.ජනවාරි මාසය ඇතුළත මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්න ඕන.
සාමාන්‍යයෙන් එක ග්‍රාම සේවා වසමකට රාජ්‍ය නිලධාරීන් අටදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් අවම වශයෙන් රුපියල් 50,000ක වැටුපක් ගත්තොත් ඔවුන්ට ග්‍රාමසේවා වසමේ සේවය සඳහා රුපියල් ලක්ෂ හතරක් මාසිකව ගෙවනවා. මගේ ආසනයේ එක මහජන නියෝජිතයකුට ග්‍රාමසේවා වසම් හයක් අයිති වෙනවා. හැබැයි මහජන නියෝජිතයෙක්ගේ වැටුප රුපියල් පහලොස් දාහයි. ගමේ මරණයක් වුණාම උදවු ඉල්ලන්නෙත් එයාගෙන්. පාරේ ලයිට් දාන්න කියන්නෙත් එයාට.රුපියල් පහලොස්දාහක වැටුපක් අරගෙන මහජන නියෝජිතයා බැණුම් අහනවා. මේ ගැටළු විසඳන්න ගියාම ඇතැම් රාජ්‍ය නිළධාරීන් ඒකට සහය දෙන්නෙත් නෑ. වැරැද්ද තියෙන්නේ නිළධාරියගෙ අතේ. බැණුම් අහන්නේ දේශපාලනඥයා.
ඒ වගේම පාසල් ළමුන් අතර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වල ජනවාරි පළමුවෙනිදා සිට සුපරීක්ෂක කමිටු ක්‍රියාත්මක වෙන්න ඕන.
මිනුවන්ගොඩ ඉස්කෝලවල පිහිටුවපු සුපරීක්ෂක කමිටුවලට සෞඛ්‍ය නිළධාරීනුත් සම්බන්ධ කරගෙන තියෙනවා. මේ සුපරීක්ෂක කමිටු හරහා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ළමයින්, මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන අයවත් හඳුනා ගන්න පුළුවන්. දැන්ම මේ වැඩේ කළේ නැත්නම් පහුවෙනකොට අමාරු වෙනවා. ඒ නිසා ප්‍රාදේශීය ලේකම්, කළාප අධ්‍යාපන අධ්යක්ෂ, පොලිස් නිළධාරීන්, සෞඛ්‍ය නිළධාරීන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක කියන මේ පස්දෙනාම ඉන්නකමිටුවක් හදලා මේ වැඩේ මෙහෙයවන්න ඕන. පොලීසියෙ වගකීම වෙන්නේ දෙන තොරතුරු පදනම් කරගෙන ක්‍රියාත්මකවීමයි.