ශ්‍රී ලංකාවේ මේ වන විට හිටපු ජනපතිවරුන් පස් දෙනෙකු සිටියත් නිල නිවාස භාවිත කරනු ලැබුවේ හිටපු ජනපතිවරුන් තිදෙනෙකු පමණි.
ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් නිල නිවාස භාවිත කරනු ලැබීය.
සම්මත වු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී නිල නිවසින් ඉවත් ගිය අතර හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේදී නිවසින් ඉවත් තිබුණි.
හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද නිල නිවසින් ඉවත්ව යන බව දැනුම් දී තිබේ.
හිටපු ජනපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සිය පෞද්ගලික නිවාස වල වාසය කරනු ලබයි.
හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියද නිල නිවසක වාසය කළත් ඇය පසුගිය වසරේදීම ඉන් ඉවත්විය.